ගුරුවරුන්ගේ ප්‍රසූත නිවාඩු කප්පාදු කර ඇති බවට චෝදනාවක්

17

ප්‍රසූත නිවාඩු ලබා ගන්නා ගුරුවරියන්ට අර්ධ වැටුප් සහිත නිවාඩු ලබා ගැනීම බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් අවලංගු කර ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.
එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ පළාත් අධ්‍යාපන ලේකම්වරයා ගෙන ඇති මෙම අත්තනෝමතික තීරණය හේතුවෙන් ගුරුවරියන් දැඩි පීඩනයකට ලක්ව ඇති බවයි.
මේ සම්බන්ධයෙන් නිව්ස් 24 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතාගෙන් විමසීමක් කළා.
හෙතෙම කියා සිටියේ දින 84කින් සැහීමකට පත් වි නැවත රාජකාරි සඳහා වර්තා කරන මෙන් ගුරුවරියන්ගේ ඉල්ලීමක් පමණක් සිදු කරන බවය.
නිවාඩු අවශ්‍ය බවට වෛද්‍ය වාර්තාවක් තිබෙනම් පමනක් ඉතිරි නිවාඩු දින ලබා ගැනිම සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බව ද රංජිත් සෝමවංශ මහතා ප්‍රකාශ කළා.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ පෞද්ගලික අංශයේ සේවය කරන මව්වරුන් දින 84ක් අවසානයේ යළි සේවයට වාර්තා කරන බවයි.
මේ අතර, ගුරුවරුන්ගේ වැටුප දෙගුණයකින් වැඩි කිරීම සඳහා අවධානය යොමු වී ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මහතා ප්‍රකාශ කළා.
හෙතෙම මේ බව කියා සිටියේ ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

Your Comments