Home දේශීය පුවත් ගාල්ලේ සැඟ වූ තැපැල් මලු ගැන විශේෂ විමර්ශනයක්

ගාල්ලේ සැඟ වූ තැපැල් මලු ගැන විශේෂ විමර්ශනයක්

9

ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ අධීක්ෂණ නිලධාරීන්ගේ කාමරයක තිබී සොයාගත් තැපැල් මලූ තොගය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව තැපැල් සේවා අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා පවසනවා.

මාස ගණනක් පැරණි ලිපි දහස් ගණනක් අඩංගු මෙම තැපැල් මලූ ඊයේ සොයාගනු ලැබුවේ දකුණු පළාත් නියෝජ්‍ය තැපැල්පතිණිය සහ ගාල්ල ප්‍රාදේශීය තැපැල් අධිකාරීවරිය ගොස් සිදුකළ විමර්ශණයකට අනුවයි.

ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාමරයක් තුල තැපැල් මලූ තොගයක් පවතින බවට දකුණු පළාත් නියෝජ්‍ය තැපැල්පතිණියට මීට පෙර නිර්ණාමික පැමිණිලි කිහිපයක් ලැබී තිබෙනවා.

ඒ අනුව ඊයේ පෙරවරුවේ හදිසියේ මෙම පරීක්‍ෂාව සිදු කළ අතර, එහිදී විදේශ රටවල සිටින පුද්ගලයින් විසින් මෙරට සිටින ඥාතින්ට එවන ලද ලිපි සහ පාර්සල් රැසක් ද විවෘත කර තිබියදී සොයා ගත් බවයි වාර්තා වුණේ.

මීට අමතරව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ ඇමතිවරුන් දෙදෙනෙකු ඡුන්දදායකයින් වෙත යැවීමට භාරදෙන ලද ලිපි විශාල සංඛ්‍යාවක්ද එහි තිබී හමුවී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කර චෝදනාවන්ට ලක් වන නිලධාරීන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව තැපැල් අමාත්‍ය එච්.එම් හලීම් මහතා තවදුරටත් කියා සිටියා.

Share this Article!

Your Comments