‘ග්‍රාම ශක්තියෙන් ගම හදන ගමන’ පුත්තලමෙන් ඇරඹෙයි (ඡායාරූප සහිතයි)

14

‘ග්‍රාම ශක්තියෙන් ගම හදන ගමන’ වැඩසටහන ඊයේ (13) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරුණා.

ගමේ ජනතාවගේ සංවර්ධන ගැටලුවලට ක්ෂණික විසදුම් ලබාදීම ගම හදන ගමන වැඩසටහනඔස්සේ සිදු කෙරෙනවා.

මෙම දීප ව්‍යාප්ත වැඩපිළිවෙළහි පළමු වැඩසටහනයි පුත්තලම – මහවැව – මැදගොඩ ප්‍රදේශයේ දී පැවැත්වුණේ.

අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ග්‍රාමීය ජනතාවගේ සංවර්ධන ගැටලුවලට විසදුම් ලබාදෙමින්, සුවහසක් ගම් යළි නගා සිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුවයි ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයට සමගාමීව මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ.

 

Your Comments