ගමනාගමන මණ්ඩලයේ බස් ගාස්තු අද මැදියම් රැයේ සිට පහළට

38

අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථවල අයකෙරෙන ගාස්තු සියයට දෙකකින් අඩුකර තිබෙනවා.
මේ අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් පහත හෙලීමත් සමඟ පුද්ගලික බස්රථ ගාස්තු ද අද මධ්‍යම රාත්‍රියේ සිට සියයට 2කින් අඩු කරන බව බස් සංගම් ඊයේ දැනුම් දුන්නා.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමඟ ඊයේ දහවල් පැවති සාකච්ඡාවකින් අනතුරුව එම සංගම් මෙම තීරණයට එළඹ ඇති අතර කෙසේ වෙතත් අවම ගාස්තුවේ වෙනසක් සිදුනොවන බවයි එම සංගම් එහිදී කියා සිටියේ.
නව බස් ගාස්තුවද මේ වනවිට ජාතික ගමනාගමන කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව රුපියල් දොළහේ අවම ගාස්තුව, රුපියල් 15, රුපියල් 20 සහ 34 යන ගාස්තු අවස්ථා වෙනස් වන්නේ නැහැ.
රුපියල් 25 හේ සිට අනෙකුත් ගාස්තු අවස්ථා රුපියලේ සිට වෙනස් වනවා. 
මේ අතර, රජය මගින් වැඩිකරන ලද රුපියල් දස දහසේ මුදල මූලික වැටුපට එක් කිරීම සහ රුපියල් 750 ක දෛනික වැටුපක් ලබාගන්නා සේවකයින් ස්ථිර කරන ලෙස ඉල්ලමින් අම්බලන්තොට ශ්‍රී ලංගම ඩිපෝවේ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අම්බලන්තොට ඩිපෝව මගින් දෛනිකව ධාවනය වන බස් රථ 59 ම අද දින ධාවනය නොවුණු බවයි එහි කළමනාකරවරයා සඳහන් කළේ.
 

Your Comments