කුවේට් යුවලකගේ පහරින් රේගු නිලධාරීන් 5ක් රෝහලට

88

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් පස්දෙනෙකුට පහර දුන් කුවෙට් ජාතික යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් විසින් සුනඛයෙකු රැගෙන විත් ඇති අතර, බලහත්කාරයෙන් ගුවන් තොටුපොළෙන් පිටත්විමට උත්සාහ දැරූ අවස්ථාවේදී මෙම පහරදීම සිදු කර ඇති බව සඳහන්.
සතුන් රැගෙන යාම සම්බන්ධයෙන් පවතින නීති පිළිබඳ අදාළ යුවල දැනුවත් කිරීමට රේගු නිලධාරීන් පියවර ගෙන තිබුණ ද ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
පහරදීමෙන් තුවාල ලැබු රේගු නිලධාරිනියක් සහ නිලධාරීන් 4 දෙනෙකු මේ වනවිට මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
පහරදීම සිදුකළ 29 හැවිරිදි කුවෙට් ජාතිකයා සහ 32 හැවිරිදි කුවෙට් කාන්තාව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි

Your Comments