Home දේශීය පුවත් කුඩාදරුවෙකුට මත්පැන් පෙවීමේ සිද්ධියට අදාළව සිව්දෙනෙකු අත්අඩංගුවට

කුඩාදරුවෙකුට මත්පැන් පෙවීමේ සිද්ධියට අදාළව සිව්දෙනෙකු අත්අඩංගුවට

43

කුඩා දරුවෙකුට මත්පැන් පානය කරවන වීඩියෝ දර්ශනයට අදාළව දරුවාගේ පියා ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර පියා අනුරාධපුර – මීගලෑව – 313 ගනන්ගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවට අනාවරණ කර ගත් බවයි පොලිසිය පවසන්නේ. සිද්ධියට භාජනය වූ දරුවා වයස අවුරුදු 01යි මාසයක් පමණ වන පිරිමි දරුවෙකු බවයි පොලිසිය පවසන්නේ.
ඒ අනුව, ඊයේ දිනයේ දී සැකකාර පියාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුවයි සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මේ දිනවල අදාළ වීඩියෝව සංසරණය වීමත් සමඟ ඒ පිළිබඳව සමාජය තුළ දැඩි අවධානය යොමු වුණා.
සැකකාර පියා දරුවාට මත්පැන් පානය කරවන්නේ තවත් පිරිසක් ද සමඟයි.

Your Comments