කිලිනොච්චියේ රිය අනතුරකින් පස් දෙනෙකු රෝහලට
මාධව කුලසූරිය - වවුනියාව

9

කිලිනොච්චිය, කරඩිපෝක්කු මංසන්ධිය ප්‍රදේශයේදී ඊයේ (17) සවස සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.

කිලිනොච්චිය පොලිසිය කියා සිටියේ කිලිනොච්චිය මුරුකණ්ඩි ප්‍රදේශයේ සිට කිලි‍නොච්චිය දක්වා ගමන්කළ ලොරි රථයක් මාර්ගයට පැමිණි ගවයෙකුගේ ගැටීමෙන් අනතුරුව, ඉදිරියෙන් පැමිණි කුඩා බස් රථයක හා යතුරුපැදියක ගැටී අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් යතුරුපැදියේ ගමන්කළ හා ලොරි රථයේ ගමන්ගත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. ලොරි රථයේ ගැටුණු ගවයා මරණයට පත්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Your Comments