කිරිවෙහෙරේ විහාරාධිපති හිමිට වෙඩි තැබීම : ඔත්තු බැලූ කාන්තාවක් සහ තවත් අයෙක් අත්අඩංගුවට

12

කතරගම, කිරිවෙහෙර විහාරාධිපති රුහුණූ මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් සැකකරුවෙක් සහ සැකකාරියක් අද දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කතරගම, නව නගරයේ විහාරමාවත ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාවක සහ 40 හැවිරිදි අයෙක්.
සැකකාරිය කතරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු දික්වැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.
මේ අතර විහාරාධිපතිට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ප්‍රධාන සැකකරු මහසෙන් දේවාලයේ කපු මහතා ලෙස කටයුතු කළ අසේල ලක්මාල් බණ්ඩාර ඇතුළු පස් දෙනෙකු පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබුවා.

Your Comments