Home දේශීය පුවත් “කිනම් විරෝධතා පැමිණියද මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා” – ජනපති යළි අවධාරණය කරයි

“කිනම් විරෝධතා පැමිණියද මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා” – ජනපති යළි අවධාරණය කරයි

14

කිනම් විරෝධතා පැමිණියද මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා යළි අවධාරණය කරනවා.

චීන ආධාර යටතේ පොළොන්නරුවේ ඉදි කෙරෙන ජාතික වකු ගඩු රෝහලේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අද (21) පෙරවරුවේ මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළා.

“යහපත් සමාජයක් හදන්න හොදින් කියලා බැරිනම් සමහර විට බොහෝ ලෝකයේ රටවල් වගේම නරකින් කරන්න වෙනවා. හොඳ දේ හොඳ දෙයක් නිසා,
නවීන තාක්ෂනය සමග මිනිසුන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙලා තිබෙනවා.
මත් කුඩු ප්‍රශ්නය, මත් කුඩු භාවිතය, මත් ද්‍රව්‍ය ජාවාරම වැඩි වෙලා තිබෙනවා.
මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා දෙන්න කියලා දැනට සති තුනකට කලින් අමාත්‍ය මණ්ඩලයට මම කළ යෝජනාව එක හෙලා අත් පුඩි ගහලා අනුමත කළා.
ඒ බලය දැන් ලැබිලා තියෙනවා.
මම හෙට නිකුත් වෙන පත්තර අද බලන විට එක ජාතික පුවත් පතක මුල් පිටුවේ තියෙනවා.. මේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුව නවත්වන්න යනවා කියලා.
මොන විදිහේ විරෝධතා ආවත් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා ඒ මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට.
මම ලබන අගහරුවදා මේ ක්ෂේත්‍රයට අදාල නිලධාරීන් කැදවලා තියෙනවා…”

Your Comments