UPDATE : කැලණිවැලි මගේ දුම්රිය ප්‍රමාදය යථාතත්ත්වයට පත් කරයි

9

කැළණිවැලි මාර්ගයේ සිදුව තිබූ දුම්රිය ප්‍රමාදය මේ වන විට යථාතත්ත්වයට පත් කර තිබෙනවා.
කොස්ගම සිට පැමිණි කාර්යාල දුම්රිය කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙනුයි මෙම දුම්රිය ප්‍රමාදය සිදුව තිබුණේ.
ඒ හේතුවෙන් කොළඹ කොටුව දක්වා පැමිණීමට නියමිත දුම්රිය කිහිපයක් ප්‍රමාද වූ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.


කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් [ Oct 12, 2018 @ 12:26 ]

කොස්ගම සිට පැමිණි දුම්රියක්, කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් වාර්තා වනවා.
අද උදෑසන කොස්ගම සිට පැමිණි කාර්යාල දුම්රිය මෙලෙස කාර්මික දෝෂයකට ලක්වූ බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.
ඒ හේතුවෙන් කොළඹ කොටුව දක්වා පැමිණීමට නියමිත දුම්රිය කිහිපයක් ප්‍රමාදවිය හැකි බවයි පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේ.

 

Your Comments