කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

13

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආචාර්ය ධර්ම පද්ධතිය උල්ලංඝනය වන අයුරින් හැසිරුණු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමණාකරු අසංක ගුරුසිංහ යන මහත්වරුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වන විභාගය ඊයේ පස්වරුවේ සිදු කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ චෝදනාවන්ට වරද පිළිගෙන ඇති බැවින් දිනේෂ් චන්දිමාල්, චන්දික හතුරුසිංහ සහ අසංක ගුරුසිංහ යන මහත්වරුන් දකුණු අප්‍රිකාව සමග අද ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා එක් නොවී සිටීමට එකගතාවය පල කර ඇති බව සඳහන්.

කොදෙව් තරග සංචාරයේ දෙවන තරගයේ දී පැය දෙකක කාලයක් ක්‍රීඩකයින් පන්දු රැකීමෙන් වැළකී සිටිම තුළින් විනය විරෝධී ලෙස හැසිරුණු බවටයි ඔවුන්ට චෝදනා ගොණු කර තිබුණේ.

මේ අතර, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 02කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.


ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා වැඩබලන නායක සුරංග ලක්මාල් සමත් වුණා.

ඒ අනුව ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

Your Comments