Home දේශීය පුවත් කළු ගඟ ජලාශයේ ජලය පිරවීමේ කටයුතු ලබන 23 වන දා (දඹුල්ල...

කළු ගඟ ජලාශයේ ජලය පිරවීමේ කටයුතු ලබන 23 වන දා
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

41

මොරගහකන්ද ජලාශයට සමඟාමීව කළු ගඟ ජලාශයේ ජලය පිරවීමේ කටයුතු ලබන 23 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ජලාශයෙන් මොරගහකන්ද ජලාශයට ජලය රැගෙන යන නව ඇළ මාර්ගය ඉදිකිරීම, මොරගහකන්ද ජලාශයේ ඉදිරිපිට ඉදි වූ කළු ගලින් නිම වූ නව බුද්ධ ප්‍රතිමාව විවෘත කිරීම සහ මොරගහකන්ද ජලාශය කුලසිංහ මොරගහකන්ද ජලාශය නමින් නම් කිරීම ද ලබන 23 වන දින සිදු කිරීමට නියමිතයි.

මේ අතර මොරගහකන්ද ජලාශය සහ කළු ගඟ ජලාශයේ ඉදිකිරීම් කටයුතු හමුවේ ඉඩම් අහිමිවුවන් සඳහා වන්දි මුදල් ලබා දීම ඇතුළු නව නගර ඉදිකිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවයි මහවැලි රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා සඳහන් කරන්නේ.

ඔහු මේ බව කියා සිටියේ කළු ගඟ ජලාශයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මොරගහකන්ද කළු ගඟ ජලාශ ව්‍යාපෘතියේ ප්‍රධාන නේවාසික ඉංජිනේරු ලාල් කුමාරසිරි මහතා පැවසීය.

කළු ගඟ ජලාශය මොරගහකන්ද ජලාශය මෙන්ම ඉහළ ඇලහැර ඇල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවල තත්ත්වය නිරීක්ෂණය සඳහා මහවැලි රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් එහි පැමිණියා.

රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු මහවැලි නිලධාරීන් මුලින්ම මොරගහකන්ද ජලාශයෙන් උතුරු මැද පළාත හා උතුරු පළාතට ජලය රැගෙන යෑම සඳහා කඩිනමින් ඉදිවෙමින් පවතින ඉහළ ඇළ හැර ඇළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කළා.

පසුව පිරිස කළු ගඟ ජලාශයේ ඉදිකිරීම් නිරීක්ෂණයට එක් වූවා.

එහිදී ලබන 23 වන දින කළු ගඟ ජලාශයට වතුර පිරවීම සිදුකරන සොරොව් ස්ථානය සහ ඉදිකිරීම් භූමිය නිරීක්ෂණය කළා.

මෙහිදී අදහස් දැක්වූ කළු ගඟ ජලාශ ඉදි කිරීම් ප්‍රධාන නේවාසික ඉංජිනේරු ලාල් කුමාරසිරි මහතා කියා සිටියේ කළු ගඟ ජලාශයේ ඉදිකිරීම් 2014 වසරේ ආරම්භ වූ බවත් එමෙන්ම මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට මෙහි වේලිවල ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම අවසන් වීමට නියමිත බවයි.

Share this Article!

Your Comments