Home දේශීය පුවත් කඹුරුපිටියේදී පළා ගිය සැකකරුවන් සොයා විශේෂ මෙහෙයුමක්

කඹුරුපිටියේදී පළා ගිය සැකකරුවන් සොයා විශේෂ මෙහෙයුමක්

2

පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් සමඟ ඇතිවු වෙඩි හුවමාරු පළා ගිය සැකකරුවන් දෙදෙනෙකු සොයා කඹුරුපිටිය, අකුරැස්ස විල්පිට රක්ෂිතයේ පොලිස් විශේෂ කාර්යය බළකාය හා පොලීසිය එක්ව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් විශේෂ කාර්යය බළකාය සමඟ ඊයේ රාත්‍රියේ ඇති වූ වෙඩි හුවමාරුවකදී ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන මාකදුරේ මදුෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු ලෙස සැලකෙන මානෙල් රෝහණ නොහොත් තිලක් මියගියා.

ඔහු සමග ත්‍රිරෝධ රථයකින් පැමිණි තවත් සැකකරුවන් දෙදෙනෙකු වෙඩි හුවමාරුව අතරතුර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

සැකකරුවන් දෙදෙනා මේ වන විටත් කඹුරුපිටිය, අකුරැස්ස විල්පිට රක්ෂිතයේම රැඳී සිටින බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

Share this Article!

Your Comments