කඩවත ගෝනහේනේ වෙඩි තැබීමකින් කාන්තාවක් රෝහලට

22

කඩවත, ගෝනහේන ආම්ස්ට්‍රෝන් හන්දිය ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අද (07) පස්වරු 1ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි තැබීමෙන් කාන්තාවක් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. වෙඩි තැබීම සිදුවූ ආකාරය හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බවයි කඩවත පොලිසිය පවසන්නේ. වෙඩි තැබීම සම්බන්ධයෙන් කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

 

Your Comments