ඒ – 9 මාර්ගයේ මහවෙල සිදු වූ රිය අනතුරකින් 27 දෙනෙකු රෝහලට

39

මහනුවර යාපනය, ඒ – 9 මාර්ගයේ මහවෙල, දිඹුල්ගමුව ප්‍රදේශයේ අද උදෑසන සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තලවකැලේ සිට දඹුල්ල බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හා ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

තුවාල ලැබූවන් 13 දෙනෙ කු මාතලේ රෝහලට ඇතුළත් කර ඇති අතර, තවත් තුවාල කරුවන් 14 දෙනෙක් ප්‍රතිකාර සඳහා නාලන්දා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද සඳහන්.

තුවාලකරුවන් අතර පාසල් සිසුන් සිව්දෙනෙකු හා එක් පාසල් සිසුවියක් ද වන බවයි පොලීසිය පැවසුවේ.

Your Comments