ඒකාබද්ධ විපක්ෂයේ නම වෙනස් වෙයි

40

ඒකාබද්ධ විපක්ෂයේ නම වෙනස් කිරීමට ඊයේ රැස්වූ පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉදිරියේදී ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස කටයුතු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ. මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම තීරණය පසුගිය පළාත් පාලන මැතිවරණය සමයේදී ආරම්භක පියවර ගෙන තිබූ බවයි. එහෙත් එම අවස්ථාවේදී එය අවසානයක් කරා ගෙන යාමට නොහැකි වූ බවයි වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියේ. නැවතත් එය මතුකර ගෙන සියලු පක්ෂ නායකයන් කැඳවා මැතිවරණ කොමසාරිස් දක්වා ගෙන යා යුතු බවට සියලු දෙනාම පොදුවේ පිළිගත් බවද මන්ත්‍රීවරයා එහිදී කියා සිටියා.
අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා.

සාකච්ඡාව හොඳයි… සාකච්ඡාවේදී ඉතින් විවිධ ප්‍රශ්න මතු වුණා. ආණ්ඩුව අල්ලන්නේ කොහොමද? ආණ්ඩුව පෙරළන්නේ කොහොමද කියලා.

මාධ්‍යවේදියා : ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියට ගේනවා කියලා…
මම ඔයාට එකක් කියන්නම්. අපට ඕන ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. ඒ ප්‍රජාතන්ත්‍රවාදී නායකයා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා. ඒ කියන්නේ අනිත් අය ගැන කතා කරන්න එපා.
මාධ්‍යවේදියා : ගෝඨාභය රාජපක්ෂ මහත්තයට කැමැති නැත්ද?
මම අකමැත්තක් නෙවෙයි. ඒ ගොල්ලන්ටත් ආණ්ඩුවේ හවුල්කාරයන් වෙන්න පුළුවන්. නමුත් රාජ්‍ය නායකයා වෙන කවුරුත් නෙවෙයි මහින්ද රාජපක්ෂ මහත්තයි විතරයි.
මාධ්‍යවේදියා : ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ජනාධිපති වෙන්න බැරිද?
එයාටත් පුළුවන්. එයා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට එනවා නම්.

Your Comments