Home දේශීය පුවත් ඒකාබද්ධය අද විපක්‍ෂ නායක ධුරය ඉල්ලයි

ඒකාබද්ධය අද විපක්‍ෂ නායක ධුරය ඉල්ලයි

1

තම කණ්ඩායමට විපක්‍ෂ නායකධුරය ලබාදෙන ලෙස ඉල්ලා අද දින පාර්ලිමේන්තුවට ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය සූදානම් වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවසුවේ මේ වන විට 70 දෙනෙකුගෙන් යුත් බහුතර මන්ත්‍රී කණ්ඩායමක් ඒකාබද්ධ විපක්‍ෂය සතු වන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් අමාත්‍යධුරවල කටයුතු කරමින් සිට පසුගිය දා ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම ඊයේ ප්‍රථම වරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමු වුණා.

ඒ අනුව මේ වන විට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සමස්ථ මන්ත්‍රීධුර සංඛ්‍යාව 70 ක්.

මේ අතර, ඩිලාන් පෙරේරා මහතා ඒකාබද්ධ විපක්‍ෂයට එක්වීමත් සමග පුරප්පාඩු වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක ධුරය සඳහා අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පත් කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිලධාරී මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

Share this Article!

Your Comments