එංගලන්තය පරදා ක්‍රොඒෂියාව පාපන්දු කිරුළේ අවසන් තරගයට

29

රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසාලන තරගාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට ක්‍රොඒෂියාව සමත් වුණා.

ඔවුන් හමුවේ දෙවන අවසන් පූර්ව තරගයේ දී ගෝල 2ට එකක් ලෙස පරාජයට පත් වූයේ එංගලන්ත කණ්ඩායමයි.

තරගයේ 5 වන මිනිත්තුවේ දී එංගලන්තය සිය ගෝලය වාර්තා කළ අතර 68 වන මිනිත්තුවේ දී ක්‍රොඒෂියාව ද ගෝලයක් වාර්තා කළා.

ඒ අනුව තරගයේ නියමිත කාලය අවසන් වුණේ කණ්ඩායම් දෙකම ගෝලය බැගින් වාර්තා කර සම තත්ත්වයෙන්.

අනතුරුව ලබා දුන් අතිරේක කාලයේ දී ක්‍රියාත්මක වූ ක්‍රොඒෂියාව තරගයේ 109 වන මිනිත්තුවේ දී සිය දෙවන ගෝලය වාර්තා කළේ ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි කර ගනිමින්.

ඒ අනුව ලබන ඉරිදා ඔවුන් තරගාවලියේ අවසන් තරගයේ දී ප්‍රංශය සමගින් තරග වදිනු ඇති.

Your Comments