ඌවේ මහ ඇමතිට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

15

තමාට අවමන් සහගත ලෙස සැලකූ බවට චෝදනා කරමින් බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි ආර්.භවානි මහත්මිය විසින් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින නියම කර තිබෙනවා.එය ලබන 25 වනදා සළකා බැලීමටයි ශ්‍රේෂ්ඨාධීකරණය ඊයේ තීරණය කළේ.
එහිදී අධිකරණය සඳහන් කළේ එය කරුණු තහවුරු කිරීම සඳහා ලබන 25 වනදා විවෘත අධිකරණයේ කැඳවන බවයි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටීම නීතිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබෙන හෙයින් ඔවුන් වෙනුවෙන් ඊයේ දින පෞද්ගලික නීතිඥවරුන් අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.

 

Your Comments