ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් රාමසාන් දිනය සමරයි

12

ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් රාමසාන් දිනය අද සමරනු ලබනවා.

රාමසාන් දිනය ඊයේ දිනට යෙදී තිබුණ ද පෙරේදා දින නව සඳ නිරීක්ෂණය නොවීම හේතුවෙන් මෙවර රාමසාන් උත්සවය ඊයේ දින සමරනු ලැබුවේ නැහැ.

කෙසේවෙතත් ඊයේ දිනයේ දී නව සඳ නිරීක්ෂණය වීමත් සමඟ කොළඹ මහ පල්ලිය ප්‍රකාශ කළේ අද දිනයේ දී රාමසාන් උත්සවය සමරන බවයි.

පසුගිය මැයි 18 වන දා රාමසාන් උපවාසය ආරම්භ කෙරුණා.
පුරා මාසයක පමණ කාලයක් උපවාස ශිලය ආරක්ෂා කරන ඉස්ලාමීය බැතිමතුන් එය අවසන් කරන්නේ ඊළඟ නව සඳ දිස්වීමත් සමඟයි.

මේ අතර රාමසාන් උත්සවය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ පරිත්‍යාගය, සාමය හා ගෞරවය මුල් කරගත් මෙම උත්සවය මුළු මහත් ලෝකයට උතුම් පණිවුඩයක් එක් කරන බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසංහ මහතා ද රාමසාන් උත්සවය වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ තමා තුළ බලපවත්නා තණ්හාව, ආශාව ආදී දුර්ගුණ දමනය කරමින් මනුෂ්‍යත්වය ගොඩනැගීමට රාමසාන් උපවාස සමයෙන් ලැබෙන පන්නරය අතිමහත් බවයි.

Your Comments