Home දේශීය පුවත් ඉන්ධන මිල සුත්‍රය පැහැදිලි කරන්නැයි හිටපු ජනපති රජයෙන් ඉල්ලයි

ඉන්ධන මිල සුත්‍රය පැහැදිලි කරන්නැයි හිටපු ජනපති රජයෙන් ඉල්ලයි

10

දේශීය ඉන්ධන මිල අසාමාන්‍ය ආකාරයට වැඩි වීම සම්බන්ධයෙන් රජය ජනතාවට පැහැදිලි කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
මිල වැඩිවීම සාධාරණීකරනය කිරීමට මිල සුත්‍රයක් පිළිබඳ කතා කළ ද කිසිවෙකු එවැනි සූත්‍රයක් දැක නොමැති බවයි නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා සදහන් කරන්නේ.
සති 8 ක පමණ කාලයක් තුළIදෙවන වරටත් ඉන්ධන මිලේ වැඩි වීමක් සිදුවූ පළමු අවස්ථාව ද මෙය විය හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
මෙගින් රජය සූදානම් වන්නේ ඉන්ධන මිල නිරතුරුව අඩු වැඩි කිරීම තුළින් වසර අවසානය වන විට ඉන්ධන අලෙවියෙන් වැඩි ආදායමක් ලබාගැනීමට බවටයි හිටපු ජනාධිපතිවරයා චෝදනා කරන්නේ.
මෙලෙස ඉන්ධන මිල හැසිරවීම තුළින් වත්මන් රජය ජනතාව මහා පරිමාණ ලෙස සූරා කෑමකට ලක් කරමින් සිටින බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.
මේ අතර ඉහළ දැමුණු ඉන්ධන මිලට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද පස්වරුවේ මහරගම දී විරෝධතාවක නිරත වුණා.
මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් පැවති බවයි පොලිසිය සඳහන් කළේ.

Share this Article!

Your Comments