Home දේශීය පුවත් ඉන්ධන මිල කමිටුව අද රැස්වෙයි

ඉන්ධන මිල කමිටුව අද රැස්වෙයි

18

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණය කිරීමට මිල කමිටුව අද රැස්වීමට නියමිතයි.

සෑම මසකම 10 වනදා ඉන්ධන මිල සංශෝධනයක් සිදු කිරීමට පසුගියදා අමාත්‍ය මණ්ඩලය තීරණය කලා.

ඒ අනුවයි අද දින මෙම කමිටුව රැස්වී ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලබන්නේ.

මේ අතර, ඇමෙරිකාව ඉරාන රාජ්‍යයට එරෙහිව යොදවන සම්බාධක හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළදී තෙල් මිල වැඩිවිය හැකි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ කියා සිටියා.

අවසන් වරට ඉන්ධන මිල ඉහළ දැමුණේ පසුගිය ජුලි මස 10 වනදා මධ්‍යම රාත්‍රියේයි.

Your Comments