ඉක්වදෝරයේ රෝස මල් පිරමීඩය

27

රෝස මල් 500,000 ක් සහිත ලොව විශාලතම මල් සැකැස්මක් ලෙස සැළකෙන පිරමීඩයක් නිර්මාණය කරන්නට ඉක්වදෝරයේ පුද්ගලයින් පිරිසක් සමත්ව තිබෙනවා.

මේ සඳහා ඩොලර් 500ක මුදලක් වැයවී ඇතැයි ද සඳහන්.

පිරමීඩය සඳහා යොදාගත් රෝස මල් සියල්ල ස්වේච්ජාවෙන් පුද්ගලයින් ඊට ලබාදුන් ඒවා බවයි වාර්තා වන්නේ.

ජූලි 09 වනදා මෙහි නිර්මාණාත්මක කටයුතු අරඹා ඇති අතර එය නිමවා අවසන් කර ඇත්තේ 14 වනදායි.

ඒ අනුව නවතම ගිනස් ලෝක වාර්තාවකට මෙය හිමිකම් කියනු ඇතැයි විදෙස් මාධ්‍ය කියා සිටිනවා.

එසේ නම් කළ හොත් එය, ‘ලොව විශාලතම රෝස මල් පිරමීඩය’ ලෙස ඉතිහාසගතවනු ඇති.

මීට පෙර එවැනි රෝස මල් ආකෘතික ලෝක වාර්තාවකට උරුමකම් කියන්නේ ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් අගනුවරයි.

ඒ රෝස මල් 17 000ක් යොදාගනිමින් කරන ලද නිර්මාණයක් හේතුවෙනුයි.

Your Comments