අමෙරිකාවේ රැප් ගායකයෙකු ඝාතනය කරයි

7

ත්‍රිබල් එක්ස් ටෙන්ටැක්ෂන් ලෙස ප්‍රචලිතව සිටි අමෙරිකානු රැප් ගායකයෙකු ෆ්ලොරිඩාහි දී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
විසි හැවිරිදි ඔහු වෙළඳසැලක් ඉදිරිපිටදී නාදුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
ත්‍රිබල් එක්ස් ටෙන්ටැක්ෂන් ලෙස ප්‍රචලිතව සිටි ඔහුගේ සැබෑ නම ජාහ්සේහ් ඔන්ෆෝයි බව සඳහන්.
ඔහුට ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් චෝදනා රැසක් ද එල්ලව පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

Your Comments