Home විදෙස් පුවත් අමෙරිකානු රාජ්‍ය ලේකම් උතුරු කොරියාවට

අමෙරිකානු රාජ්‍ය ලේකම් උතුරු කොරියාවට

4

න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා සදහා අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලබන බ්‍රහස්පතින්දා යළිත් උතුරු කොරියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
එහිදී ඔහු උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමග සාකච්ඡාවල නිරතවනු ඇති බවයි ධවල මන්දිරය නිවේදනය කළේ.
පසුගිය ජුනි 12 වනදා සිංගප්පූරුවේදී ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ කිම් ජොං අන් අතර පැවති සාකච්ඡාවෙන් පසු අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා උතුරු කොරියාවට පැමිණෙන පළමුවන අවස්ථාව මෙයයි.
උතුරු කොරියාව න්‍යෂ්ටික අවිවලින් තොර රටක් බවට පත් කිරීම, සහතික කරලීම, රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරයේ අරමුණ බව ද සඳහන්.

Share this Article!

Your Comments