අම්පාරේ දී ඔරුවක් පෙරළී සිව් දෙනෙකු අතුරුදන් – 5ක් දිවි ගලවා ගනී

32

අම්පාර දමන එග්ගල්ඔයේ දී ඔරුවක් පෙරළීමෙන් පුද්ගලයන් සිව් දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
පොලිසිය පැවසුවේ බදුල්ල, කඳන සිරි සීවලී විද්‍යාලයෙන් සංචාරයකට පැමිණි ගුරුවරුන් පිරිසක් සහ සිසුන් පිරිසක් අද උදෑසන 6.45 ට පමණ අනතුරට ලක්ව ඇති බවයි.
ඔරුවේ 9 දෙනෙකු සිට ඇති අතර ධීවරයන් පිරිසක් විසින් 5 දෙනෙකු බෙරාගෙන තිබෙනවා. අනෙක් පිරිස දියේ ගිලී අතුරුදන්ව ඇති බව සඳහන්.
අතුරුදැන් පිරිස අතර, විදුහල්පතිවරයා, ගුරුවරයෙකු සහ විද්‍යාලයේ මුරකරු මෙන්ම 13න් හැවිරිදි සිසුවෙකු ද වනවා.

 

Your Comments