අභිනව රන්වැට විවෘත කෙරෙයි

15

පොළොන්නරුව, ඕනෑගම, මැදමළුව විහාරස්ථානයේ බෝධින් වහන්සේ වටා ඉදිකළ අභිනව රන්වැට විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.

විහාරාධිපති සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ කාරක සංඝ සභික උතුරු මැද පළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය පණ්ඩිත ශාස්ත්‍රපති කවුඩාගම්මාන විමලරතන හිමිපාණන් වහන්සේ වෙත ජනාධිපතිවරයා සමරු තිළිණයක් ද පිළිගැන්වූවා.

පොළොන්නරුව පුරාණ ඉසිපතනාරාමාධිපති, උතුරු – උතුරු මැද – නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය උඩුගම ශ්‍රී ධම්මානන්ද නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ප්‍රදේශයේ මහා සංඝරත්නය ද පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත් මහතා ඇතුළු මහජන නියෝජිතයින් සහ ප්‍රදේශවාසින් විශාල පිරිසක් ද පුණ්‍යෝත්සවයට එක්ව සිටියා.

Your Comments