අධිකරණයට අපහාස කළැයි ඥානසාර හිමිට එරෙහිව නඩුවේ තීන්දුවට දින නියම වෙයි

23

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ තීන්දුව ලබන මස 08 වනදා ලබාදීමට අභියාචනාධිකරණය අද දින නියම කළා.
ඒ ඊට අදාළ නඩුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරන් හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි.
2016 වසරේදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීම පිළිබඳව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණයට අපහාසාත්මක අයුරින් හැසිරුණු බවට චෝදනා කරමින් එම අධිකරණයේ හිටපු මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

Your Comments