ස්ලිම් නීල්සන් සම්මාන උළෙලේ වසරේ හොදම සේවා සපයන බැංකුව ලංකා බැංකුව

8

2020 වසරේ ස්ලිම් නීල්සන් සම්මාන උළෙලේ වසරේ හොදම සේවා සපයන බැංකුව ලෙස පිදුම් ලැබීමට ලංකා බැංකුව සමත් වුණා.

 

ඒ පසුගිය වසර පුරා ලෝක අර්බුදයක්ව පැවති කොරෝනා වසංගතය හමුවේ මෙරට ජනතාවට පවතින මූල්‍ය අර්බුද සඳහා පුමුඛතම විසදුම ලබා දෙමින්.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරයට ගෙන යාම සඳහා ද ලංකා බැංකුව ප්‍රමුඛ දායකත්වයක් ලබා දෙනවා.

ලංකා බැංකුවේ මහා කළමනාකරු සහ ප්‍රධාන විධායක නිලධාරී සුගත් ගුණසේකර මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ ජනතාවගේ මූල්‍ය ගැටලු සඳහා සුදුසුම විසදුම් ලබා දීමට තම කාර්ය මණ්ඩලය ඉදිරියේදීත් සූදානමින් පසුවන බවයි.

Your Comments