ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ශ්‍රී ලංකාව අයදුම්කර තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 180 ක ණය මුදල අනුමත වී තිබෙනවා.
චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ උප සභාපති ආචාර්ය ඩී.ජේ. පාන්ඩියන් පසුගියදා හමුවූ අවස්ථාවේ දීයි ඒ පිළිබඳව තහවුරු කර ඇත්තේ.
මෙම ණය මුදල් කොරෝනා වසංගත තත්වය හමුවේ බලපෑමට ලක්වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යථා තත්වයට පත් කිරීම සඳහා යෙදවීමට අපේක්ෂිතයි.
මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගිය පෙබරවාරි 1 වනදා එම බැංකුවේ සභාපති ජින් ලික්න් සමඟ පවත්වා තිබුණා.
Your Comments