වාහන අපනයනකරුවන්ගෙන් ඉල්ලීමක්

13

වාහන ආනයනය නතර කිරිමට රජය ගත් තීරණයත් සමඟ ජපානයේ වාහන අපනයනකරුවන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව ජපානයේ වාහනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති නිශාන්ත මීගල්ල මහතා පැවසුවේ සිය සංගමයේ එරට සිටින සමාජිකයින් මෙරටට ආනයනය කිරිමට සුදානම් කර ඇති වාහන එරට වරායන් තුළ ගාල් කර ඇති බවයි.

මේ හේතුවෙන් ඔවුන් ගැටළු රැසකට මුහුණ දී ඇති බව ද ඔහු සදහන් කලා.

නිශාන්ත මීගල්ල මහතා රජයෙන් ඉල්ලීමක් කළේ ඒ අනුව පසුගිය මාර්තු මාසයට පෙර මෙරටට ආනයනය කිරිමට ඇනවුම් කර තිබූ වාහන පමණක් ගෙන්වීමට අවස්ථාව සලසන ලෙසයි.

කොරෝනා ව්‍යාප්තියත් සමග ඇති වු අර්බුදකාරී තත්වය හේතුවෙන් රථ වාහන කිහිපයක ආනයන කටයුතු අත්හිටුවීමට රජය තීරණය කළා.

Your Comments