රයිගම් ටෙලීස් සම්මාන උළෙල එලඹෙන ජූලි මස 3 වන දින

10

20යි 20 වසරේ විකාශනය වූ ටෙලි නිර්මාණ ඇගයීම සඳහා වන රයිගම් ටෙලීස් සම්මාන උළෙල එලඹෙන ජූලි මස 3 වන දින කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

 

මෙම උළෙලට පූර්වගාමීව පැවැත්වෙන නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල ජූලි මස 4 වන දා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී පැවැත්වෙන බවයි එහි සංවිධායකයින් ප්‍රකාශ කළේ.

සම්මාන උළෙල සඳහා අයදුම්පත් හා නිර්මාණ මේ වන විට භාර ගැනීම ආරම්භ කර ඇති බව සංවිධායකයින් පවසනවා.

17 වන වරටත් පැවැත්වෙන රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ මෙවර තේමාව ලෙස තෝරාගෙන ඇත්තේ කොරෝනා සංකේතවත් වන ආකෘතියක් බවයි ද කින්ඩම් ඔෆ් රයිගම් ආයතනයේ සභාපති ආචාර්යය රවී ලියනගේ මහතා කියා සිටියේ

මේ ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ ද කින්ඩම් ඔෆ් රයිගම් ආයතනයේ සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා.

Your Comments