එක් දිනක් තුළ මෙරට විශාල පුරන්කුඹුරු ප්‍රමාණයක් අස්වැද්දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා.
පුරන්කුඹුරු අස්වැද්දීම සහ වෙනත් වගා කටයුතුවල යෙදෙන තරුණයින්ට ණය පහසුකම් ලබාදීමටද ඉදිරියේදී කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
එමෙන්ම, අක්කර 5 ක් හිමි ගොවීන්ට ලබාදුන් ගිනි අවි බලපත්‍රය වගා අක්කරයක් හිමි ගොවීන්ට ලබාදීමට හැකිවන ආකාරයෙන් චක්‍රලේඛ සංශෝධනයක් ද කරනු ඇති.
Your Comments