මහ වැලි කලාප සිමාවේ කුඹුරු දුඹුරුපැල කීඩෑ උවදුරකට ලක් වීමේ අවධානමකට නතුව තිබෙනවා .
ගොවි බිම් මෙම උවදුරට ලක් වුවහොත් අස්වනු දැඩි ලෙස හානියට පත් වනු ඇති . මේ වන විට අම්පාර, කුරුණෑගල යන ප්රදේශවල මෙම මෙම දුඹුරු පැල කීඩෑ උවදුර පැවතුනද එම ප්රදේශයන්හි අස්වනු නෙළීම අවසන්ව පවතින නිසා එමගින් අස්වනුවලට කිසිදු බලපෑමක් එල්ල වී නැති බවයි වාර්තා වන්නේ .
තම වගා බිම් නිරන්තරයෙන්ම ගොවීන්ගේ අවධානයට ලක් කොට යුතු බවත් යම් හෙයකින් කීඩෑවන් දැක ගැනීමට හැකි වුවහොත් ප්රදේශයේ කෘෂිකර්ම නිලධාරී වෙත ඒ පිළිබඳව යුහුසුළුව දැනුම් දෙන ලෙසයි කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා ගොවි ජනතාව දැනුවත් කලේ .
Your Comments