බොරතෙල් බැරලයක මිල ඩොලර් 50 ඉක්මවයි

14

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල පසුගිය සතිය තුළ පළමු වරට ඩොලර් 50 ඉක්මවා ගොස් තිබෙනවා.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ බලපෑම හේතුවෙන් ගෝලීය ආර්ථිකය අපගමනයට ලක් වුණා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල එහිදී සියයට 2.8 කින් ඉහළ ගියේ මාස 9 කින් ඉහළම අගය සලකුණු කරමින්.

කොරෝනා වෛරසය පාලනය කිරීමේ සුබවාදී බලාපොරොත්තු ගෙන එමින් එන්නත් කිහිපයක් නිෂ්පාදනය කිරීම මෙම තත්ත්වයට හේතුව ලෙස සැලකෙනවා.

 

Your Comments