නාඋල පුවක් මිල පහළට
ඉන්දික අරුණ කුමාර - නාඋල

39

කලක් තිස්සේ අධික මිල ගණන් යටතේ අලෙවි වූ පුවක්වල මිල සීග්‍රයන් පහත බසිමින් පවතින බව නාඋල හා අවට නගරවල පුවක් තොග වෙළදුන් පවසනවා.

පසුගිය සමයේ පුවක් ගෙඩියක් රුපියල් විස්ස දක්වා මිලකට අලෙවි විය.

මේ වන විට පුවක් ගෙඩියක මිල රුපියල් 10 ත් 15 ත් අතර මිලකට පවතින බවත්, ඉදිරියේ දී තවදුරටත් පුවක් මිල පහත බසිනු ඇති බවයි ව්‍යාපාරිකයන් වැඩිදුරටත් කියා සිටියේ.

පසුගිය සමයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට හා අවට ප්‍රදේශෙවලට පුවක් තොග නොපැමිණිම මිල ඉහළ යාමට හේතු වූ බවයි ව්‍යාපාරිකයින්ගේ අදහස වී ඇත්තේ.

කෙසේ වෙතත් මධ්‍යම පළාතේ පවතින විටින් විට වෙනස් වන කාලගුණික තත්ත්වය හමුවේ පුවක් ඵලදාව වැඩිවීම හේතුවෙන් වෙළෙද පොළට පුවක් තොග ලැබීම මිල පහත යෑමට බලපා ඇති බවයි පුවක් සැපයුම්කරුවන් පවසන්නේ.

Your Comments