ගෑස් මිල වැඩි නොකරන බවට සහතික

6

රට තුළ ගෑස් හිඟයක් නොමැති බැවින් උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැති බව මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කලා.

ඔහු මේ බව ප්‍රකාශ කලේ වර්තමාන ආර්ථික තත්වය හා වෙළදපොළ සම්බන්ධයෙන් ඊයේ අරලියගහ මන්දිරයේ පැවති සමාලෝචන සාකච්ඡාවකට එක් වෙමින්.

මෙම සාකච්ඡාවට එක් වු මහබැංකුවේ ආර්ථික පර්යේෂණ අංශය වාර්තාවක් ඉදිරිපත් කරමින් සදහන් කලේ කෝවිඩ් 19 වසංගතයත් සමග ගෝලීය ආර්ථිකයේ අත්‍යාවශය භාණ්ඩ මිල ඉහළ යමින් පවතින බවයි.

ආනයන පාලනය ලිහිල් කළහොත් වෙළද හිඟය වැඩි විය හැකි බව ද ඔවුන් පෙන්වා දුන්නා.

ඒ අනුව දේශීය කෘෂිකර්මාන්තය නගාසිටුවීමට හා දේශීය ව්‍යාපාර ශක්තිමත් කර වෙළද භාණ්ඩ අපනයනය කිරීම තුළින් විදේශ විනිමය රැස් කර ගැනීමට අවශ්‍ය බවයි මහබැංකු නියෝජිතයන් සදහන් කලේ.

රට තුළ සහල් හිඟයක් නොමැති බැවින් මෙරට පරිභොජනයට අවශ්‍යතරම් සහල් නිෂ්පාදනය වී ඇති බව සාකච්ඡාවට එක් වු ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාපක්ෂ මහතා සදහන් කලා.

Your Comments