ග්‍රාමීය ආර්ථිකය නංවන ව්‍යපෘතිය අනුරාධපුරයෙන් ඇරඹෙයි

20

ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමේ වැඩසටහන අද අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ජාතික ආර්ථික සංවර්ධනයට සමගාමීවයි එය ක්‍රියාත්මක කෙරෙන්නේ.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් එය ක්‍රියාවට නංවනු ඇති.

මේ අතර ස්විස්ටර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ අරලියගහ මන්දීරයේ දී.

ආයෝජන, අපනයන, සංචාරක සහ කොවිඞ් වසංගතයට එරෙහිව ක්‍රියාකාරකම් ඇතුළු දෙරටේ සහයෝගිතා වර්ධන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

Your Comments