කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශකය ගත වූ පැය 24 තුළ වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
ඒ අනුව සමස්ත මිල දර්ශකය ඊයේ දිනය අවසාන වන විට දැක්වුණේ හත් දහස් 127 දශම 6 යි 9ක් ලෙසින්.
ප්රධාන පෙළේ සමාගම් 20 නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්රී ලංකා ටුවෙන්ටි දර්ශකය සටහන් වූයේ දෙදහස් 884 දශම 1 යි 4ක් ලෙසයි.
කොටස් වෙළදපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 2 දශම 2ක්.
සමාගම් 76ක කොටස් ඉහළ ගිය අතර 69ක කොටස් පහත වැටී තිබුණා.
Your Comments