කොවිඩ් පාලනයට අනෙක් රටවලට වඩා මෙරට ආහාර රටාව ද වැදගත් සාධකයක් වුණා

11

කොවිඩ් 19 වසංගත තත්වයට මුහුණ දෙමින් එය පාලනය කර ගැනීමේදී අන් සියලු රටවලට වඩා මෙරට ආහාර රටාව ද වැදගත් සාධකයක් වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ, අදට යෙදෙන ලෝක ආහාර දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින්.

දේශීයව නිෂ්පාදනය කළ හැකි ආහාර බෝග විදෙස් රටවලින් ආනයනය කිරිම හමුවේ මෙරටට අහිමිවන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ යාම රටට අහිතකර බවයි අග්‍රමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එය මෙරට ආර්ථිකයට ප්‍රබල අභියෝගයක් බව ද එම නිවේදනයේ සඳහන්.

Your Comments