කොටස් වෙළඳපොළ මිල දර්ශක ඉහළට

5

ඊයේ දින අවසානය වන විට කොටස් වෙළඳපොළ සමස්ත මිල දර්ශකය ඒකක 78 කින් ඉහළ ගොස් තිබුණා. එය සටහන් වුණේ 7282.24 ක් ලෙසයි .

කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන අට ඉක්මවීමද විශේෂත්වයක් ලෙස දැක් වුණා .

ප්‍රධාන පෙලේ සමාගම් විස්ස නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය දිනය අවසානයේදී සටහන් වූයේ 2742.41 ක් ලෙසයි.

තැරැව්කාර සමාගම් පෙන්වා දෙන පරිදි මෙලෙස කොටස් වෙළඳපොල වර්ධනය වීමට හේතුව ලෙස දැක්වෙන්නේ දේශීය ආයෝජකයින් උද්යෝගීමත්ව ගණුදෙනුවලට සහභාගිවීම යි .

Your Comments