එස්ලෝන් ලංකා පෞද්ගලික සමාගම සහ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය ඒකාබද්ධව ජල නල කාර්මික ශිල්පීන් පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
එස්ලෝන් ලංකා පෞද්ගලික ආයතනයේ ප්රධාන විධායක නිලධාරි ප්රියන්ත ජයසිංහ මහතා පැවසුවේ ජල නල කාර්මිකයින්ට සුවිශේෂ පුහුණුවක් ලබා දීම තුළින් පාරිභෝගිකයාට ගුණාත්මක සේවාවක් සැපයීමේ අවස්ථාව උදාවන බවයි.
එම වැඩසටහනට අදාළ ගිවිසුමට පසුගිය දා කොළඹදී අත්සසන් තැබුණ බවයි එස්ලෝන් ලංකා පෞද්ගලික ආයතනයේ ප්රධාන විධායක නිලධාරි ප්රියන්ත ජයසිංහ මහතා කියා සිටියේ.
Your Comments