UPDATE : මහර බන්ධනාගාරයේ වෙඩි තැබීමක් – අයෙක් මරුට – තිදෙනෙකුට තුවාල
තත්ත්වය පාලනයට පොලිස් කණ්ඩායම් පහක් සහ STF කණ්ඩායම් කිහිපයක්

15

මහර බන්ධනාගාරයේ අද පස්වරුවේ ඇති වූ නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා බලය පාවිච්චි කරමින් සිදු කළ වෙඩි තැබීම හේතුවෙන් එක් රැඳවියෙකු මියගොස් තවත් තිදෙනෙක් තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

තුවාල ලැබූ රැඳවියන් මේ වන විට රෝහල් ගත කර ඇති බවත් බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් කිහිපයක් බන්ධනාගාර නිලධාරීන්ගේ සහයට යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.

 


 

මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් [Nov 29, 2020 at 18:26]

රැඳවියන් පිරිසක් පළා යාමට තැත් කිරීමත් සමගින් මහර බන්ධනාගාරයේ රැඳවියන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් මේ වන විට හටගෙන ඇති බව වාර්තා වනවා.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක්ද කැඳවා ඇති බවයි පොලිසිය පවසන්නේ.

 

Your Comments