UPDATE : බුරවි ත්‍රිකුණාමලයට තවත් ළං වෙයි

58

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බුරවි සුළි කුණාටුව අද(02) පෙරවරු 8.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 200ක් එපිටින් නැගෙනහිරට බරව ගිනිකොණ දෙසින් අක්ෂාංශ 8.6ත් නැගෙනහිර දේශාංශ 83.0ත් ආසන්නව ස්ථානගතව පැවැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම පද්ධතිය බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර ත්‍රිකුණාමලය සහ පේදුරු තුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව ශ්‍රී ලංකාවට ඊශාන දිග වෙරළෙන් දිවයිනට අද(02) රාත්‍රී හතත් 10ත් අතර කාලයේදී ඇතුළු වේ යැයි බලාපොරොත්තු වන බවද එම නිවේදනය සඳහන්.
අද(02) පෙරවරු 8.30ට පමණ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Loader Loading...
EAD Logo Taking too long?
Reload Reload document
| Open Open in new tab

 

බුරවි අද පස්වරුවේ නැගෙනහිර වෙරළට – පිළිගැනීමට රජය සුදානම් [Dec 2, 2020 at 11:06]

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බුරවි සුළි කුණාටුව අද උදෑසන වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240 ක් නැගෙනහිරට බරව ගිනිකොන දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එම පද්ධතිය බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව් වලට ආසන්නව ඊසාන දිග වෙරළින් අද රාත්‍රි 7ත් 10ත් අතර කාලයේදී දිවයිනට ඇතුළුවනු ඇතැයි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

සුළි කුණාටුව සමඟ පැමිණෙන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80 ත්, 90 ත් පමණ වන අතර, ඇතැම් විට එය පැයට කිලෝමීටර් 100 දක්වා වැඩිවනු ඇති.

මෙය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත හෙට උදෑසන වන විට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා ප්‍රකාශ කලා.

මෙම සුළි කුණාටුව හේතුවෙන් නැගෙනහිර, උතුර, උතුරු මැද, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවන ඉතා තද වැසි ඇතිවිය හැකි බවද මෙරිල් මෙන්ඩිස් මහතා කියා සිටියා.

මෙම පද්ධතිය හේතුවෙන් ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරේ දක්වා සහ පුනරීන් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශ වල මුහුදු රළ, උදම් රළ මට්ටමට වඩා මිටරයක් පමණ ඉහළ යා හැකි අතර වෙරළ ආසන්න පහත් බිම් ජලයෙන් යට විය හැකියි.

මෙරටට බලපා හැකි සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු වලින් වළකින ලෙස ද මෙරිල් මෙන්ඩිස් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

මේ අතර හදිසි ආපදා ගැන දැනුම් දීමට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ 117 අංකයට ඇමතිය හැකි බවයි එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ.

එමෙන්ම බුරවි සුළි කුණාටුවට මුහුණ දීම සදහා සියල්ල සුදානම් කර ඇති බව ආපදා කළමණාකරණ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා.

අද(02) අලුයම 5.30ට පමණ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Loader Loading...
EAD Logo Taking too long?
Reload Reload document
| Open Open in new tab

Your Comments