UPDATE: කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 45 දක්වා ඉහලට

53

කොරෝනා වෛරස ආසාදිත තවත් මරණයක් වාර්තා වනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේ කොළඹ 10 මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බවයි.

අදාළ කාන්තා සිය නිවසේදීම මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිව ඇත්තේ කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් උත්සන්න වූ අධිරුධිර පීඩනය තත්ත්වය මත ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් මරණය සිදුව ඇති බවයි.

ඒ් අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 45 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්.

 


 

UPDATE: තවත් කොවිඩ් මරණ දෙකක් – සමස්තය 44 දක්වා ඉහළට – අද දිනයේ මෙතෙක් මරණ තුනක් [Nov 11, 2020 at 16:18]

කොරෝනා වෛරස ආසාදිත තවත් මරණ දෙකක් වාර්තා වනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 44ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේ කොළඹ 11 සහ කැලණිය ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් මෙලෙස මියගොස් ඇතිබවයි.
කොළඹ 11 ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මියගොස් ඇති ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මරණයට පවත්ව සිට තිබෙනවා.
කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරන වී තිබෙනවා.
මේ අතර කැලණිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45ක පිරිමි පුද්ගලයා කොවිඩ් 19 ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමෙන් පසු පසුගිය පළමු වැනිදා සිට හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා.
මරණයට හේතුව කොවිඩ් ආසාදනය උත්සන්න වීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඒ අනුව මෙරටින් කොවිඩි 19 ආසාදිත මරණ 44ක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.


 

කොවිඩ් ආසාදිත 42 වන මරණයත් වාර්තා වෙයි [Nov 11, 2020 at 14:46]

කොරෝනා වෛරස ආසාදිත තවත් මරණයක් මීට සුළු මොහොතකට පෙර සිදුව තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ පානදුර ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයකු මෙලෙස මියගොස් ඇති බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අදාළ පුද්ගලයා පොලිස් රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බවයි.

කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් සිදු වූ හෘදයාබාධයක් හේතුවෙන් මරණය සිදුව ඇති බවයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙන්නේ.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 42ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Your Comments