පිළිකා ඖෂධ ඇතුළු උපකරණ 25ක මිල අඩු කිරීමේ ගැසට් නිවේදනය ළඟදීම

51

පිළිකා ඖෂධ 10ක් ඇතුලු තවත් ඖෂධ සහ උපකරණ 25ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය ඉදිරි දෙසතිය තුල ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
බෝනොවන රෝග පිළිබද කවුන්සිල රැස්වීමට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ ඖෂධ ආනයනය සඳහා වසරකට රජය රුපියල් බිලියන 07කට අධික මුදලක් වැය කරන බවයි.
පිළිකා ඖෂධ මිල අඩු කිරිම තුලින් රජයට රුපියල් බිලියන 02ක පමණ මුදලක් ඉතිරිවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
යහ පාලන රජය බලයට පත්වනවිට රුපියල් දෙලක්ෂ අසූදාහකට අලෙවි වු පිළිකා ඖෂධය අද වන විට රුපියල් එක්ලක්ෂ හතලිස් හතර දහස දක්වා අඩු වී ඇති බවයි ඔහු කියා සිටියේ.

Your Comments