3333යි

15

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 07 කින් සාර්ථකව නිරෝධායනය අවසන් කළ 66 දෙනෙක් අද සිය නිවෙස් බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මේ වන විට නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සමස්ථ සංඛ්‍යාව 44,778 ක්.

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 68 ක් තුල මේ වනවිට පුද්ගලයින් 6,562 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටිනවා.

මේ අතර තවත් ලාංකිකයන් 60 දෙනෙක් අද අලුයම දිවයිනට පැමිණියා.

ඩුබායි සිට 53 ක්, කටාර් සිට 03 ක් සහ ජපානයේ නරීටා සිට පුද්ගලයින් සිව් දෙනෙකු මෙලෙස පැමිණි බවයි සිත NEWS24 ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.

ඔවුන් සියලු දෙනා නිරෝධායන කටයුතු සදහා යොමු කර ඇති බව ද සඳහන්.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 3333ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Your Comments