21 සංචාරකයින්ට රට විවෘත කරන්න සියල්ල සුදානම්

12

ලබන 21 වනදා සිට සංචාරකයින්ට රට විවෘත කිරීමට සියලු‍ කටයුතු සූදානම් බව සංචාරක අමාත්‍යංශය නිවේදනය කලා.

ජනමාධ්‍ය අමාත්‍යංශයේදී අද පැවති සාකච්ඡාවකදී සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේ සංචාරකයින්ගෙන් කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සදහා ගතයුතු සියලු‍ පියවරයන් ගෙන ඇති බවයි.

පසුගිය දෙසැම්බර් මස 26 වෙනිදා ආරම්භ කෙරුණූ නියාමන ව්‍යාපෘතිය යටතේ යුක්රේන සංචාරකයින් 1500කට ආසන්න පිරිසක් මෙරටට පැමිණියා.

එමගින් හිමි වු ආදායම රුපියල් මිලියන 420 ක්.

මෙම ව්‍යාපෘතියේදී හදුනාගත් සියලු‍ ගැටලු‍ නිවැරදි කර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයින් මෙරටට ගෙන්වීමට පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා සාකච්ඡාවේ දී වැඩිදුරටත් කියා සිටියේ.

 

Your Comments