20 ට එරෙහිව සමගිය අධිකරණයට

7

ආණ්ඩුව විිසින් අද දින ගෙන එන 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගය පවසනවා.

එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා මේ බව සදහන් කළේ 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දැනුවත් කිරීමට පැවති වැඩමුළුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම වැඩමුළුව පැවැත්වුණා.

එහිදී 20 වන සංශෝධනය පිලිබඳව ඉදිරි පියවර ගැනීම සඳහා සමගි ජන බලවේගයෙන් විශේෂ කමිටුවක් පත් කිරීමට ද විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා කටයුතු කළා.

මේ වැඩමුළුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක මහතා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකාර මහතා ද එහිදී මෙලෙස අදහස් පළ කළා.

 

Your Comments