යතුරුපැදි අනතුරකින් දෙදෙනෙකු මරුට

34

ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ කඹුරුගමුව වැව ආසන්නයේ සිදුවු යතුරුපැදි අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

අද අලු‍යම සිදු වූ අනතුරින් මියගොස් ඇත්තේ තිහගොඩ සහ කොටපොල ප්‍රදේශවල පදිංචිව සිටි 20 සහ 21 වියේ පසුවන්නන් දෙදෙනෙක්.

මාතර දෙසට ධාවනය වූ යතුරුපැදිය, පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව සදහන්.

පොලීසිය පැවසුවේ බරපතල තුවාල ලැබූ තරුණයන් දෙදෙනා මාතර රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි.

Your Comments